පන්දම් අල්ලාpandham allaa

Pandam Alla

Lyrics

චිත්‍රපටය : කවුද රජා (1976)

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ  
මේ කාලේ අවලංගුයි නෝනේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ

(පිංවන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ 
ඇයි තාමත් පරදේසින් වාගේ)...//    
(මේ දේසේ ඔබගේ මේ දේසේ අපගේ 
ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා)...// 

(දුප්පත් අපි රජවරු මේ කාලේ)...// 
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ

(බොරු ලොක්කෝ ලෝකේ දැන් සොක්කෝ වාගේ 
මේ කාලේ නෑ ගානක් ගන්නේ)...//
(ගමේ කොල්ලො එන්නේ පන්දම් ගලවන්නේ 
ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා)...//  

(දුප්පත් අපි රජවරු මේ කාලේ)...// 
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ

(මේ නෝනා වාගේ නෝනාලා අපගේ  
ඇයි තාමත් සිංහල වී නැත්තේ)...// 
(පාට ගාපු මූනේ සායම් හේදෙන්නේ 
ඔය සංකර තාලේ හරි යන්නේ නෑ)...//

(දුප්පත් අපි රජවරු මේ කාලේ)...// 
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ 
දුප්පත් අපි රජවරු මේ කාලේ.. 
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.