පනම් අටෙන් මට වැඩිකර දුන්නpanam aten mata waedikara dhunna

Panam Aten Mata Wadi Kara

Lyrics

පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල්ගත වේදෝ
අනේ සර් අප මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ....

මට මතක් වෙනවා සුද්දා තැලු පෙල් හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටි
මාස්ටර් සර් මට හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල්ගත වේදෝ
අනේ සර් අප මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.