පණ වාගේ හිටියාටpana waagee hitiyaata

Pana Waage Hitiyaata

Lyrics

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා //

ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් //
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //

ස්‌ථීර ආලයට මැරුණත් සැපක්‌ නම්
මා ජීවේ සැපතක්‌ ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.