පණ වාගේpana waagee

Pana Waage

Music:
අමිල මුතුගලamila muthugala
Lyrics:
රොෂාන් වික්‍රමසිංහroshaan wikramasinha

Lyrics

මුකුත්ම නොකියු හැමදේම දැනුණු 
කාලයක් තිබුනා අපි ළඟින් ඉඳපු 
වදන් රස ගොතලා හීන අපි මවලා 
ලෝකෙටම රහසේ අපි ලංවීලා

පණ වාගේ උන්නු කාලේ 
යලි එන්නෙ නැද්ද ආයේ 
ඔබ පෙන්නු හීනෙ රෑ සේ 
අද ඊයෙ වින්දා වාගේ....//

දන්නවා රත්තරන් ආදරෙයි මට ඔයා 
ලෝකයක් කී කතා මං නිසා ඉවසලා 
වචනයක් හෝ දෙකක් ආදරේ තවරලා 
කියයි නම් ඉන්නවා ඔබෙ ලොවේ නැවතිලා 

පණ වාගේ උන්නු කාලේ....

නොකියනා වචනයෙත් තේරුමක් තියෙනවා
නුබ නිහඬ වූ තැනත් කාරණා පේනවා 
නොදැනෙයිද තාම මං නුඹේ සුවඳ විඳිනවා 
නැවතුනත් හුස්ම නම් බෑ යන්න ඔබ දමා 

මුකුත්ම නොකියු හැමදේම දැනුණු....
පණ වාගේ උන්නු කාලේ....///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.