පානා සෙනෙහසpaanaa senehasa

Pana Senehasa

Lyrics

පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම් 
කීවා නා එන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්නම්

(විෂඝෝර සර්ප විමනේ බිය නැද්ද බෝම ලඳුනේ
තනිකමින් නිදන නුඹගේ කටු ඇනෙයිද සිරි යහනේ)..//

සත් පියුමන් මත නුඹ අඩසඳකි
ගැස්සෙන නුඹේ ලැම මට මල්දමකි
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ලැම මොටද බලන්නේ

නානාවිධ දුනු හී මානාගෙන නුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උණුහුම වෙන කෙනෙකුට නොමදෙන්
 
(නුඹ මංද්‍රි දේවී වේ නම් වෙස්සන්තර මා වෙන්නම්
සුන්දර නෑ එය එතරම් සොඳුරිය දැන් හිතන තරම්)..//

සත් පියුමන්..../

(සත් පියුමන් මත නුඹ අඩසඳකි
ගැස්සෙන නුඹේ ලැම මට මල්දමකි)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.