පානා ඔය සිනාවේ   - pana oya sinahawepaanaa oya sinaawee   - pana oya sinahawe

පානා ඔය සිනාවේ   - pana oya sinahawe

Lyrics

පානා ඔය සිනාවේ   
මොනවාද හැංගිලා තියේ
දානා ඔය බැල්මේ  
මොනවාද හැංගිලා තියේ
මම දන්න නෑ අනේ    
මට තේරෙන්නෑ අනේ 
පානා ඔය හිනාවේ
මොනවාද හැංගිලා තියේ

අමුතු සිනාවයි අමුතුම බැල්මයි
අමුතු කතාවයි අමුතු ලතාවයි......//
වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ 
වැටහෙන් නෑ මට මේ අරුමේ
මොකක්ද මේ පුදුමේ

සුරංගනාවිය වගේ සිටින ඔය
කියන් කියන් ඔබ කවුද කුමාරිය.....// 
වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ 
වැටහෙන් නෑ මට මේ අරුමේ
මොකක්ද මේ පුදුමේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.