පණ දාගෙන (බිග් මැච් එක)pana dhaagena (big maech eka)

Pana Dagena (Big Match Eka)

Lyrics

පණ දාගෙන පන්දු යවනවා 
කරබාගෙන පිත්ත වනනවා 
විකට් එකත් දෙකට කැඩෙනවා 
අම්පයර් දොරේ අත උස්සනවා 

අපි පාරේ නටමු බිග් මැච් එක දා 
දෙනවා බැටේ දෙනවමයි මෙදා 
ලණුව උඩින් ඇර සොයිසා 
ලණුව උඩින් ඇර හායි හායි 
හිප් හිප් හුරා...

අර පැත්තේ කොඩිය වනනවා 
මේ පැත්තේ තොප්පි වනනවා 
කොල්ලෝ දිහා කෙල්ලෝ බලනවා 
පිට්ටනියේ ලිස්සා වැටෙනවා 

අපි පාරේ...

ප්‍රින්සිපල්ගේ ජොලිය නගිනවා 
සිගරට් එක පත්තු කරනවා 
නෝනා කෙනෙක් දිහා බලනවා 
බිග් මැච් එක කොට උඩ යනවා 

අපි පාරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.