පමා වී හෝ එන්නpamaa wii hoo enna

Pamawee Ho Enna

Music:
කසුන් කල්හාරkasun kalhaara
Lyrics:
විමල් කැටපේරච්චිwimal kaetapeerachchi

Lyrics

සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්න
සදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්න
මළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්න
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න
දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න
විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න.......

අරාජික අහසකට ප්‍රභා කිරුළක් වෙන්න
විදාගෙන පියාපත් පියාසැරියට එන්න
වෙලාවක් හොයාගෙන නෙලාගෙන මල් තුඩගින්ම
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න
දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න
විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න.......

ඉතා පටු දූපතට සමා වී ගොඩවෙන්න
මහා ත්‍රීපික පෙමක විලාසය විඳගන්න
තබා පියවර සෙමින් සොබාවට එක්වෙන්න
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න.......

සරා සඳම.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.