පමා වෙලා මුණ ගැහුනු නිසාpamaa welaa muna gaehunu nisaa

Pama Wela Muna Gahunu Nisa

Lyrics

පමා වෙලා මුණ ගැහුනු නිසා
දරාගන්න බැරි කඳුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා //

තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා

පමා වෙලා ....

පිටු පාලා යන දිහා හොරහින් බලා
දුර ඉදන් හඩන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමුවෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක නිසා

පමා වෙලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.