පමා වුනත් සිකුරු තරුවpamaa wunath sikuru tharuwa

Pama Unath Sikuru Tharuwa

Lyrics

(පමා වුනත් සිකුරු තරුව පායා ඒ
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ)..//

වැහි වලාකුලට මුවවී සඳුට ඉඩ නොදී
නෑ තවත් පමා ඉර මල සැඟවුනා නොවේ 
දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී 
සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ 
  
පමා වුනත් සිකුරු...

සිකුරු නැති බවද ගොම්මන් අඳුර වී එබී 
තරු ගිලී නැතේ අහසට මන්ද එවේලේ  
දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී 
සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ 

පමා වුනත් සිකුරු...//

හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.