පමා නෑ අපි තවත්pamaa nae api thawath

Pama Na Api Thawath

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
රුසරණී ගොඩගමගේrusaranii godagamagee

Lyrics

අයාගෙන නෙතු පියන් සීත රෑ කළුවරේ
බලා ඉමි මම හෙටත් වඩිනතුරු සඳ මගේ
ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ
පමා නෑ අපි තවත් 
(වසන්තය අභිමුවේ......//)

සිනාසෙන ඔය දෙනෙත් මා ගැන සිත් විලේ
දිවා රෑ නුඹ දකින් සිහිනයක් සේ ප්‍රියේ
හදාගෙන ඉන්න බෑ මගේ හිත නුඹ වගේ
කියාදෙනු මැන වූ වරද කිමදැයි මගේ
ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ
පමා නෑ අපි තවත් 
(වසන්තය අභිමුවේ......//)

විරාමය අවැසි නම් තබන්නට ආදරේ
මකාලනු මැනවි හැම මතකයන් මා කෙරේ
උදාවෙන හෙට දිනේ සතුට සපිරුණු නුඹේ
සුබාසිරි පතන්නම් කඳුළු සඟවා නෙතේ
ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ
පමා නෑ අපි තවත් 
(වසන්තය අභිමුවේ......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.