Lyrics
(පාළු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ
ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ...//)
මේ දෑස ලඟින් හීන නමින් පෑව හිනාවේ
මා අයිතිය සන්තක වෙනකන් මේ දුර ආවේ
(පෙර සංසාරේ පුරුද්දටයි හමුවුණේ කියූ
නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ...//)
වෙන කෙනෙක් හිතේ කවදාවත් ඉඳලා නෑ
නුඹේ වෙනස්කමක් කොහොමටවත් දැනිලා නෑ
දැන හිතලා නම් ඔය හිත මං බිඳලා නෑ
නුඹ නැතුව දිනක් ගැන සත්තයි හිතලා නෑ
මේ දෑස ලඟින් හීන....
දහසකුත් පැතුම් බිඳුනා නුඹ දන්නේ නෑ
ආදරේ තරම් දැනුණා නම් යන්නේ නෑ
නුඹ යන්න ගියත් කිසි අහිතක් හිතුවේ නෑ
ලඟ කවුරු ඇතත් නුඹ නැති දුක යන්නේ නෑ
මේ දෑස ලඟින් හීන....
(පාළු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ
ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ...//)
මේ දෑස ලඟින් හීන....