පාලු පැලේ මා තනිවමpaalu paelee maa thaniwama

Palu Pale Ma Thaniwama

Lyrics

පාලු පැලේ මා තනිවම කඳුළු සලන්නේ 
ගුරු පාරේ වෙනදා වගේ නැහැ නුඹ එන්නේ 
සිත ගිනිගෙන ඇවිලෙන දුක නැද්ද දැනෙන්නේ 
නුඹ නැතිදා කෙලෙසද මා දුක උහුලන්නේ.......//

නුඹ ළඟ උන්නා සෙනෙහස දුන්නා 
ඒ පෙම බින්දා අද මට මේ දුක දුන්නා  
මා වෙත පිටුපා පිටගම් යන්නා 
(මා තනි වෙන්නා මේ දුක කාට කියන්නා......//)

පාලු පැලේ......

නුඹ ළඟ උන්නා.......

පාලු පැලේ......

(කඳුළු  පිරෙන්නේ දෑස තෙමෙන්නේ 
සුසුම් නැගෙන්නේ හදවත දුකින් තැවෙන්නේ......//)
නෑ දෙස් දෙන්නේ නුඹ හට නෑ දෙස් දෙන්නේ.......

පාලු පැලේ......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.