Lyrics
පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා
සොඳුරු සයුරට වඩා ආදරෙයි මං සදා
කඳුළු නෙතු කී කතා ඔබ ළඟම නැවතුණා
සොඳුරු පෙම්වත්කමක් හිත වටා ගුලි වුණා
මං ආදරෙයි...... මං ආදරෙයි......
අරන් ගිය හිත නැවත දෙනවා නම්
නුඹ නමින් මං හිත හදන් ඉන්නම්
ළඟට ගත් හිත නැවත දෙන්න්‍ට නම්
අහිමි හිත ළඟ මියැදෙන්නට තිබුණා නම්.......
සසර සරනා තුරා නුඹ ළඟම දැවටිලා
හිඳින්නට මා පෙම් පැතුම් ගේන්නම්
සෑමදා මං ආදරෙයි...... මං ආදරෙයි......