ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍palanchiyee naetha dhewiyoo

Palanchiye Natha Deviyo

Lyrics

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
කෙතේ බැතේ නැත දෙවියෝ
දේවාලේ දේවාලේ දේවාලේ
නැත දෙවියෝ
ඒ දෙවොලේ මං දෙවියෝ...//

දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
දෙව් ගැටව් ගිලී හොරෙන් නඟා මැරූ අලේ
දෙව් සැපක් කිමැයි කියා පරඅඹු සේවනේ
වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ...

ප‍ලං‍චි‍යේ‍.....

කිරියත් කිරි දියෙන් අඟුරු
අඟුරු අඟුරු මැයි සුමිතුරු
කිරියත් කෙලෙසින් නිරතුරු
දෙවියත් සුදු නොවෙයි මිතුරු
අලුත් සහල් කාසි පඳුරු
ඉටිපන්දං අගිල් කපුරු
සඳුන් ල් ගිතෙල් වෙඬරු
අඹ දඹ අන්නසි පළතුරු
ලාබායී ගජ ලාබායී//

ප‍ලං‍චි‍යේ‍.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.