පළමු ප්‍රේමය මියැදුනු සඳpalamu preemaya miyaedhunu sanda

Palamu Premaya Miyadunu Sanda

Lyrics

පළමු ප්‍රේමය මියැදුනු සඳ
පැතුම් නටඹුන් සොයා යන
හිත රිදුනු සමනලයෙක්
මං හිත රිදුණු සමනලයෙක්

බාසපේ ඩෙස් බංකු අතරේ
ආදරේ දුන් ප්‍රේමවන්තී
තබා කඳුළක් නික්මුණා ඔබ
සිතට දී කවි තනන උල්පත්
කඳුළු උල්පත්

සිත රිදුනු තැන් පිරිමදින්නට
කඳුළු පැන් මදි ප්‍රේවන්තී
තාම තනිකඩ මගේ හිත ගැන
ලියමි කවි දුක් ගින්දරෙන්
දුක් සිතින්

පළමු ප්‍රේමය .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.