පැහැසර සිත ලඟpaehaesara sitha langa

Pahasara Sitha Laga

Music:
දුලීකා කෝදාගොඩdhuliikaa koodhaagoda
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

(පැහැසර සිත ලඟ මම අද නවතින්නම්
සදාකාලික ප්‍රේමය සිතේ දරා......//)
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා....

සෙවනැල්ල වී නුඹ මාගේ සදා
ලග ඉන්න හැර යන්නෙපා මා
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා
පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ
මගෙ සංතකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ.....

පැහැසර සිත ලඟ මම අද නවතින්නම්
සදාකාලික ප්‍රේමය සිතේ දරා....

කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සමවැදීලා
සැනසීම නුඹගෙන් මට හිමි වුනා
නොසිතූ ලෙසේ මුණගැහීලා
පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ
මගෙ සංතකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ.....

පැහැසර සිත ලඟ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.