පැහැසරාpaehaesaraa

Pahasara

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
සිඩ්නි චන්ද්‍රසේකරsidni chandhraseekara

Lyrics

සෞම්‍ය සංසාර සයුරේ ආදරේ වෙරළ දුටුවේ
මිරිඟුවක් නොදැක ඔබෙ පින නිසා
සෞම්‍ය සංසාර සයුරේ ආදරේ වෙරළ දුටුවේ
මිරිඟුවක් නොදැක ඔබෙ පින නිසා
ආදරෙන් මා පැතූ ආදරේ මට පිදු
ඔබයි මගේ පෙම්බරා
ආදරෙන් මා පැතූ ආදරේ මට පිදු
ඔබයි මගේ පෙම්බරා...

මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා...
සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා...

ඉකි බිඳින දෙනෙතින් කියා ගන්න බැරි සේ
රහසක් හිතේ හැංඟිලා
ඔබෙ පනට පන සේ ඔබ ළග ඉන්න පැතුවේ
ඔබෙ සතුට මගෙ යැයි සිතා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා...

මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා
සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා

ඔබෙ ප්‍රේම දැහැනින් මිදී යන්න බැරි සේ
වෙලී පැටලී මා මත් වෙලා
ඒ ප්‍රේම දැහැනේ සදාකල්ම සුව සේ
රැඳී ඉන්න මගෙ පැහැසරා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා...

මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා
සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.