Lyrics
පහන් ටැඹ යට සොහොන් කොත ළඟ
කව්ද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬ දෝ ඇසෙන්නේ....
ඔබ වියොවෙන් වේදනාවෙන්
හීන් හිරි පොද වැටුනු දවසක
නෑසියන් හා කරපිටින් මා
ගෙය ගියා ඔබ සොහොන් පිටියට.....
ඒ සොහොන් කොත පෙනෙන මානේ
පුංචි කුටියක කවුළුවක් ළඟ
බලා ඉන්නෙමි සිතින් හමුවී
කියා ලන්නට සිතක බැඳි පෙම.....