පහන් කණුවේ හෙවන තමයිpahan kanuwee hewana thamayi

Pahan Kanuwe Hewana Thamai

Lyrics

පහන් කණුවේ හෙවන තමයි හැමදා අපෙ උරුමේ
එන දෙයියෝ කොයි දොහේද අනුකම්පා කෙරුවේ
පිනක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
ඉගිලී ගිය මොටෝරියෙන් සතයක් ලැබුනී
පවුලේ කුසගිනි නිවන්න ඒකෙන් පණ ලැබුනී
මං එනතුරු විදිකොනේ හිටපන් මයෙ නැගණී
හිටපන් මයෙ නැගණී

දඩයම් බල්ලන් නුඹටත් ඉවකරනා දවසේ
පැලක් හදා නොගත්තොතින් මයෙ හිත මට දෙස්දේ
මාල පබළු දිහා තවත් බලන්නෙ නෑ අයියණ්ඩී
මුවා වෙලා කඩපිල් ලඟ අහසේ තරු ගන්න්නෙමී

අරුමෝසම් .....

නුඹ එනතුරු වීදිකොනේ ඉන්නම් අයියන්ඩී //

අරුමෝසම් .....

නුඹ එනතුරු වීදිකොනේ ඉන්නම් අයියන්ඩී ////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.