පාට ගෑවpaata gaewa

Paata Gawa

Lyrics

පාට ගෑව ආදරේක නොදැනී බැඳිලා එදා 
ඈත සීත මාරුතේ දෙහදක් හමුවී සදා 
ජීවිතේම හීන දුන්න පැතුමක් සසරේ පුරා 
පාලු රෑක සීතලේ ඒ හිත නොපෙනී ගියා...
හද උතුරා පෙම  ගැලුවා ඒ හෝරාවේ 
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ 
ඔබ යනවදෝ  දුර ඈතක මායාවේ 

මගේ හීනයේ දෙව්ර වේලිලා ඔයා 
හැර යන්න සිතුවද හොර රහසේ 
සිදුනාද හිත් පතුලේ පෙම් ගංගා 
ඇයි ඉන්නේ වාවන දුක් හංගා 
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ 
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ 
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ 

තරු අහසේ දිලුනාට මහා රෑ මකා 
සඳ සාවී මගේ නේද පෙම් සිහිනේ 
අවසානයක් කොහෙද ආදරේ 
නුඹ නේද මගේ හුස්ම ජීවිතයේ 
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ 
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ 
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ 

පාට ගෑව ආදරේක...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.