පාර කියන තාරුකාවීpaara kiyana thaarukaawii

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Music:
යසස් මැදගෙදරyasas maedhagedhara
Lyrics:
සජිත් අක්මීමණsajith akmiimana

Lyrics

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා
ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා
දුක් බිලිදාක යළි හමුවන්න පෙම්වතී වලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා .... මං හිදි බලා

සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා

අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ
යළි මේ වගේ නොහඬන් ළ‍ඳේ සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා

දසුනින් පවා මවනෙමි ඔයා හැබැහින් වගේ ළඟ ඉන්න සේ
පරවී ගියේ අප සිත් නො‍වේ සැමදා පිපේ පරමාදරේ 
සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා

නොලැබෙන හීනේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.