Lyrics
පාන සිනා මේ මටමද
කෝල බැලුම් ඔය මොකටද
නුඹෙ ඔය ඇස් මට පවසන
ආදරෙ කියන්නෙ කවදද //
මා හට දැන් ලංවී ලංවී ලංවී ලඟ හිදලා
ඔබ මගෙ සිත දැන් රිදවාලා
හැර යන්නේ ඇයිද ඔයා //
පාන සිනා ....
ආල කතා මේ ගලපන
ලෝල සිතුම් සිත කලතන
මාගේ නෙතු මත හිනැහෙන
ආදරේ මටමද සගවන
මා හට දැන් පාවී පාවී පාවී දුර ඇදිලා
ඔබ මගෙ පෙර ගෙවු මතකේ වෙලා
හැර යන්න ඉවත බලා //
ආල කතා මේ ....//