ඔයාට විතරක් පෙම්කළ එකම වරදටoyaata witharak pemkala ekama waradhata

Oyata Witharak Pemkala

Lyrics

ඔයාට විතරක් පෙම්කළ එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට
හිතුවේ නෑ මෙතරම් ඉක්මණින් යන්නට
මා මළ පසු මා බලන්න ඇවිත් යනවද

බොරු කිඹුල් කදුලු හෙලනූ එපා
මා නැතැයි ඔබට දැනෙනූ එපා
මා නැතැත් ඉන්න සතුටින් ඔයා
මාගෙ ආදරය වළලනු එපා

ඔයාට විතරක් පෙම්කළ එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට

ඊලග ආත්මෙදී ආයෙමත් හමුවෙමූ
හැබැයි ඒ ආත්මෙදී මා ඉතින් නොමරනූ
පන වාගෙ ආදරෙයිනේ මා අපෙ මතකයම විදවයි ඔයා
මා තරම් කවුරුවත් නෑ තමා ඔබට ආදරේ කරන්නේ සදා

ඔයාට විතරක් පෙම්කළ එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට

ඊලග සිහිනෙදී අපි ඉතින් අපේ වෙමූ
හැබැයි ඒ සිහිනෙදී මගේ විතරක් වෙනූ
පන වාගෙ ආදරෙයිනෙ මා අපෙ මතකයම විදවයි ඔයා
මා තරම් කවුරුවත් නෑ තමා ඔබට ආදරේ කරන්නේ සදා

ඔයාට විතරක් පෙම්කළ එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට
හිතුවේ නෑ මෙතරම් ඉක්මණින් යන්නට
මා මළ පසු මා බලන්න ඔයත් එනවද

බොරු කිඹුල් කදුලු හෙලනූ එපා
මා නැතැයි ඔබට දැනෙනූ එපා
මා මළත් ඉන්න සතුටින් ඔයා
මාගෙ ආදරය වළලනු එපා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.