ඔයා වගේ තව කෙනෙක් මට නෑoyaa wagee thawa kenek mata nae

Oya Wage Thawa Kenek Mata Na

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

Lyrics

(ඔයා වගේ තව කෙනෙක් මට නෑ.....//)
(ඔබට නම් එක පෙම්වතෙක් මා....//)
ආ... මට වගේ දුක් ඔහුට නොම දී
(ඉන්න සතුටින් ඔහුගේ වී
මතක මා ළඟ ඔහේ තිබුණාවේ.....//)
ඉන්න සතුටින් ඔහුගේ වී.......

පෙළක් වැරදී මේ මට රහසින්
සිටියේ මා නොදුටු විලසින්
ආදරේ වැඩි නිසයි මා දුන්නේ ඔබට සමා
ආ... මට වගේ දුක් ඔහුට නොම දී
(ඉන්න සතුටින් ඔහුගේ වී
මතක මා ළඟ ඔහේ තිබුණාවේ.....//)
ඉන්න සතුටින් ඔහුගේ වී.......

වුණොත් වරදක් දිනෙක ඔහුගෙන්
එන්න ආයෙත් මා සොයන්
ආදරේ තව තියෙනවා ගියත් ඔබ මා දමා
ආ... මට වගේ දුක් ඔහුට නොම දී
(ඉන්න සතුටින් ඔහුගේ වී
මතක මා ළඟ ඔහේ තිබුණාවේ.....//)
ඉන්න සතුටින් ඔහුගේ වී.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.