ඔය සුදු මූණoya sudhu muuna

Oya Sudu Muna

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ජනිත ප්‍රභාත්janitha prabhaath

Lyrics

ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන්
එය දැන දැනම මම ඔබට පෙම් කළ තරම්
හිත වාවන්නේ නෑ මගේ හඬනා තරම්
(නෙතු සඟල බොඳ වීලා කඳුළු අරන්......//)

මල් පිනි වැටුණ හිමිදිරියේ සීතලේ
අත් අල්ලන් අපි ගියපු මල් මාවතේ
මල් පොකුරු පරවීලා අද බිම වැටේ
(ඔබ මාව හැරදාලා ගිය දුක දැනේ....//)

ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන්
එය දැන දැනම මම ඔබට පෙම් කළ තරම්.......

පෙම් කවිය මුමුණද්දි තුරලට අරන්
සුව වින්ද හැටි මතකයි ඔබ රත්තරන්
ලෙන්ගතුව ළඟ ඉද්දි කී පෙම් කතා
(අමතකද අද මාව හැරගිය නිසා.....//)

ඔය සුදු මූණ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.