ඔය නිල් නුවන්oya nil nuwan

Oya Nil Nuwan

Lyrics

ඔය නිල් නුවන් දැක ගන්නට
දින ගණන් ගැන්නා 
එක වරක් ඔබ හිනැහුනත්
මට නුහුරු බව දැනුනා
සැදෑ තරු පිය නගිනකන්
සුවඳ ඔබෙ මට දැනේ නම් 
දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්
මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්

ජීවිතේ නුඹේ මතකයන් මා
හද තුලේ රැඳුනේ
ඔබ නිසයි මා ලෝකයේ පෙම් 
මාලිගා තැනුවේ
සදා නොමියෙන පහන් තරුවක්
වෙන්නෙමී ඔබෙ සිත පුරා
රැකගනී මා සෙනෙහසින් නුඹ
සොඳුරියේ දිවි ඇති තුරා

ඔය නිල් නුවන් දැක ගන්නට....

වසත් කාලය සුන්දරයි
ඔබේ සිතත් ඒ වාගේ
ගිම්හාන කාලේ
සිසිල සදනා…සැනසුමත් ඔබ වේ
යනු එපා අද මා දමා
ඔබ ඇයි ප්‍රියේ මා තනි කලේ
සෙනෙහසේ දුක් වේදනා
කිම සොඳුරියේ මට ඇති කලේ

ඔය නිල් නුවන් දැක ගන්නට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.