Lyrics
ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව
තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව
ඉස්සර වගේ මගේ ළඟින් ඔබ නැතිවාට
(කඳුළු පුරන මගේ ඇස් දෙක හොයන්නේ ඔබම.....//)
නෙතු අතරේ කඳුළු ඇතත් ඔබ දකින්නේ නෑ
මා අතහැර වෙන් වුණාට තරහා වෙන්න බෑ
ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන් නෑ......
ඔයා ළඟින් නැති පාළුව දරා ගන්න බෑ
ඔයා ළඟින් ඈත් වෙලා මට ඉන්නට බෑ
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන් නෑ......
ඔයා ළඟින්.....