ඔයා ලඟින් ඈත් වෙලා හිදින්න බැරුවoyaa langin aeth welaa hidhinna baeruwa

Oya Lagin Ath Wela

Lyrics

ඔයා ලඟින් ඈත් වෙලා හිදින්න බැරුව
තනි වුනු මගේ හිත පතන්නේ තවමත් නුබව
ඉස්සර වගේ මගේ ලඟින් ඔබ නැතිවාට
කඳුලු උනන මගේ ඇස් දෙක හොයන්නේ ඔබව
කඳුලු උනන මගේ ඇස් දෙක හොයන්නේ ඔබව

නෙතු අතරේ කඳුලු ඇතත් ඔබ දකින්නෙ නැහැ
මා අතහැර වෙන් උනාට තරහ වෙන්න බැහැ
ආදරයට දුන් මේ දුක උහුලන්නට බැහැ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ

ඔයා ලඟින් නැති පාලුව දරාගන්න බැහැ
ඔයා ලඟින් ඈත් වෙලා මට ඉන්නට බැහැ
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බැහැ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ

ඔයා ලඟින් ඈත් වෙලා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.