ඔයා හුඟාක් වෙනස් වෙලාoyaa hungaak wenas welaa

Oya Hungak Wenas Wela

Music:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
Lyrics:
මාධව හේවාවසම්maadhhawa heewaawasam

Lyrics

ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙලා මෙතෙක් වෙලා 
ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා 
අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත්වෙලා 
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන සිටියේ මං තිගැස්සිලා
ඔයත් ටිකාක් වෙනස් වෙලා... 

තනිවුණ කුසුමෙක තනිකම මැකුවෙත්
ඔබ විතරක් හින්දා
දවසේම හිනැහුණු හිත හැම රෑකම
තනියෙන් ඉකි බින්දා
අකලට කඳුලින් නා කපනා වැහි
වැස්සුවේ මං හින්දා
ගෙන යන්නම් කැන්දා...

අපි වෙනුවෙන් අපි තනිවම හිටි හැටි අපිවත් දන්නෑ
ලොවට හොරෙන් කළ කී දේවල් කවුරුත් දන්නෑ
මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම් මට කිසිවක් නෑ
ආයෙත් අපි තනි වෙන් නෑ....

ඔයා දිහායි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.