ඔය හිතයි මගෙ හිතයිoya hithayi mage hithayi

Oya Hithai Mage Hithai

Music:
චන්නුකchannuka
Lyrics:
චන්නුකchannuka

Lyrics

ආදරේ කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා
වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා
සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා
චේතනා ගින්නේ ඉන්න ආදරේ හින්දා මා

කීවා ඉන්නම් මා හා ලං වීලා එදා
මේ බොරුවී මේදා

මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි
බෑ හිතාගන්න තාමත් වැරදුනේ කොතැනදැයි
රෑ ගනන් මැව්ව හීනේ විසිරුනා කඳුළු රෑනේ
ආදරේ කියපු ලෝකේ නැවතුනේ මං නොවේ

වේදනන් දිවුරා කීවත් නෑ හදින් දැනිලා මා
මේ හිතේ උන්නත් පාර ආදරේ සෙව්වා මා
සාගරේ නිම්නේ ඉන්නේ ආදරෙන් ගොළුවී මා
චේතනා හංගන් ඉන්නම් ස්නේහ ආදරේ කින්මා

කීවා ඉන්නම් මා හා ලං වීලා එදා
මේ බොරුවී මේ දා
කීවා ඉන්නම් මා හා ලං වීලා එදා
මේ බොරුවී මේ දා

මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි....

ඔය හිතයි මගේ හිතයි...

උන්නා නම් මා එදා හා ඉවසා දරා
නෑ මේ වේදනා
හිත් නම් දේ වේදනා උන් කාලේ දමා
යං හිත් පාරලා

මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි....

ඔය හිතයි මගේ හිතයි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.