Lyrics
ඔය හිනැහෙන ඇස් දැකලා මට හිතුණා මගේ කියලා
හිත ඔබේ පස්සේන් ඉගිලී කොහේ නවතීවිද මන්දා.....
සඳ නැග එන විට ඔබ දුටුවා අහසේ තරු ළඟ ඔබ හිටියා
මගේ හිත අරගෙන ඉගිලී කොහේ නවතීවිද මන්දා
හිත ඉල්ලනා පැතුමේ සැනසීමමයි සිතුණේ
ඔබ දුටු ඒ මුල් දිනේ අද වාගේ මතකයේ
(සඳුගේ ලොවේ හිරුගේ ලොවේ මේ ආදරේ සදා....//)
හෙට හමුවෙන්නට හිතුවා අද හමුවෙමු හිත කීවා
නෙත හැමතැන ඔබ හෙව්වා සිත තනියෙන් ඔබ එනකම්.....
සඳ නැග එන විට......
(සඳුගේ ලොවේ හිරුගේ ලොවේ මේ ආදරේ සදා....//)
හිත ඉල්ලනා පැතුමේ සැනසීමමයි සිතුණේ
ඔබ දුටු ඒ මුල් දිනේ අද වාගේ මතකයේ
(සඳුගේ ලොවේ හිරුගේ ලොවේ මේ ආදරේ සදා....//)