ඔයා ගැන මට මතක් වෙනකොටoyaa gaena mata mathak wenakota

Oya Gana Mata Mathak Wenakota

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
චමින්ද කුමාර කංකානම්ගේchamindha kumaara kankaanamgee

Lyrics

ඔයා ගැන මට මතක් වෙනකොට
කඳුළු එනවා ඇස් දෙකෙන්
සිතක් මේ ලෙස රිදවලා ඔබ 
කොහෙ ගියේදෝ මට හොරෙන්

තවම මගෙ ඇස් බලා ඉන්නේ
ඔබ ම එයිදෝ පෙර ලෙසින්
ඒත් නොඑනා බව හැඟෙන කොට
කොහොම ඉවසන්නද ඉතින්

ඔයා ගැන මට ....

අතින් අත ගෙන එදා ගිය මඟ
කොහොම යන්නද තනිව දැන් //
සිතින් නුඹටම පෙම් කලේ මම
දරාගෙන හැම දුක් සුසුම් //

අමාවක රැය වගේ මගෙ සිත
ඔයා ගියෙ ඇයි මට හොරෙන් //
තරහ නෑ මම කවමදාවත් 
ඔය මගෙමයි දුර ගියත් //

ඔයා ගැන මට ....
තවම මගෙ ඇස් .... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.