ඔයා එක්ක දුරක් යන්නoyaa ekka dhurak yanna

Oya Ekka Durak Yanna

Lyrics

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මා
සෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා

ආදරයෙන් හිමි වීම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක් වීම ඉරණම වෙන්න ඇති
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරිවෙන්නැති
ඒ හින්දා වෙන්නැති ඔබ මාව හැරයන්නැති 

තනිවුණු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබේ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද
මගේ ජීවිතේ හැමදාම හිත ගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන්

ඔයා එක්ක දුරක් යන්න .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.