ඔය දෙතොල් මත (ප්‍රථම හාදුව)oya dhethol matha (prathhama haadhuwa)

Oya Dethol Matha (Prathama Haduwa)

Lyrics

ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව
ප්‍රථම හාදුව ප්‍රථම හාදුව
කියනු දෑත මත දිව්රා ආදරෙයි මට
ආදරෙයි මට ආදරෙයි මට......
ඔබේ රූ ලතා ඇන්දෙමි හදේ පෙම් රටා
ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම 
ආදරෙයි මම ආදරෙයි මම......

පිපෙන්නට ඉතා ළංවුණු මලක් සේ දකින පින්බර
ඔබේ මුව මඬල මට සිප ගන්න සිත් වුණා
වසන්තයේ සිතු පැත්මන් වසන් කළ නොහැකි තරමට
මගේ සිත පැතුම් මල් රොනින් බර වෙලා
රොනින් බර වෙලා රොනින් බර වෙලා......

ඔය දෙතොල් මත.......

ප්‍රියාදර ඔබේ වදනින් මගේ සිත පහන් වූ බව
ආදරෙන් කියන්නම් හදවතට ළං වෙලා
ඉතින් රත්තරන් මේ ටික කියන්නේ කෙලෙස ඔබ හට
මගේ සිත මටම කීකරු නොවී සැඟවෙලා
නොවී සැඟවෙලා නොවී සැඟවෙලා.......

ඔය දෙතොල් මත.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.