ඔය දෑතින්oya dhaethin

Oya Dethin

Music:
ඩිලාන් නිම්මිකdilaan nimmika
Lyrics:
ඇසල තාරුකaesala thaaruka

Lyrics

ඔය දෑතින් අල්ලන් මා එදා 
ගිය මග අද පාළුයි මා ප්‍රියේ
ඔය මුවින් පැවසූ ඒ වදන් 
මා හට අද නෑසේ ඔබේ මුවින්
(මා හට නෑසේ ඔබේ මුවින්...//)

මා සිතින් සැමදා ඔබ ළඟයි 
ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ
මා සැමදා ඉන්නම් මග බලා 
ඔබ ඒවිදෝ කියා මා සොයා
(ඔබ ඒවීදෝ මා සොයා...//)

ඔය සුසුමන් තුළ සිරවී 
සිටියා මා ආදරෙන්
අද කෝ ඒ සුසුමන් ඔබෙ හදේ
ඔය නෙත් යුග දෙස බලා 
පැතු පැතුමන් බොඳ වෙලා
ඔය නෙත් අද අඳුරේ සැඟවිලා
(මා නෙත් කඳුලින් තෙත් වෙලා...//)

මා ලැබූ මේ ජීවිතේ 
මට මිණි පහනක් වෙලා
එළිය කළා එය ඔබේ ආදරෙන්
මගෙ දිවියම අඳුරු කළේ 
ඇයිදෝ මේ නොසිතු ලෙසේ
යළි එන්නකෝ පියඹා මා සොයා
(මතු සසරේදී මා සොයා....//)

මා සිතින් සැමදා ඔබ ළඟයි 
ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ
මා සැමදා ඉන්නම් මග බලා 
ඔබ ඒවිදෝ කියා මා සොයා
මතු සසරේදී මා සොයා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.