ඔයා දීපු දුකoyaa dhiipu dhuka

Oya Deepu Duka

Music:
ප්‍රභාත් ඉන්ද්‍රජිත්prabhaath indhrajith
Lyrics:
රසික චාමරrasika chaamara

Lyrics

ඔයා දීපු දුක තාම විඳිනවා 
හදවතින් පෙම් කළ හින්දා
හදාගන්න හිත තාම හදනවා 
ඔයාව මට නොලැබෙන හින්දා
මේ ගැහෙන පණටත් වඩා 
මං නුඹට ආදරෙ කළා
සෙනෙහසම කඳුලේ තියා ඔයා 
දුක දීලා යන්නට ගියා
(නොලැබුණත් මේ භවේ ඔයා 
මතු භවේ නොලැබෙන්නෙපා..//)

පැතූ දෙයක් නැහැ ඉටු වීලා 
තවමත් මගේ ජීවිතේ
ලැබෙන දෙයත් මට නැතිවෙනවා 
මෙයදෝ මගේ දෛවේ
අවසාන මොහොතේ පවා 
මියැදෙන්නේ ඔබ ගැන සිතා
පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ 
ඉන්න සතුටින් සදා

සතුටක් නැහැ තවමත් දැනිලා 
වෙන්වීලා ගියදා පටන්
ලැබුණු දුකත් නෑහැ අඩුවීලා 
පෙම් කළ හිතක තරම්
අවසාන මොහොතේ පවා 
මියැදෙන්නේ ඔබ ගැන සිතා
පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ 
ඉන්න සතුටින් සදා

ඔයා දීපු දුක....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.