Lyrics
සෙනෙහසේ සොඳුරු බව අමුණා
හද ගැහෙන රිද්මයට ගලපා
හෙමි හෙමින් සවනත කොඳුරා
රහසින් කිවේ
හසරැල් යාය මතින් මැවෙනා
පැතුම් පිනි සිහිලසින් දොවන
හැඟුම් දහරින් දිලී දිලෙන
තුන් හිත සනහා...
නෙතු නොනිදන මොහොතක විමසයි
හද පවසන රහසට හිතවති
තව ලං කරගන්නට සිතුණි
මට නම් ඔය දෑතින් අල්ලා
පැතුමන් මතින් සුසුම් පිසදා
හැඟුමන් පෙළින් පෙළට අමුණා
පෙරුමන් එළිය කරලා
සඳ සේ පායා...
ළඟම දැවටෙන්න උණුහුමේ
බලා හිඳ ඇස් දල්වා
හිතක් මත පිපුණු සැනසුමේ
පියුම් පොද සේම
පෙම් හීන නෙත් යුගෙන් දකින
බොඳ වෙන්න පෙර සිතේ සඟවා
මතකයෙහි එහි පාට තවරා
සිත්තම් කරවා...
සෙනෙහසේ සොඳුරු...//