ඔය ඇස් කතා කරනවා (පොදු ටෙලි නාට්‍ය තේමා ගීතය)oya aes kathaa karanawaa (podhu teli naatya theemaa giithaya)

Oya As Katha Karanawa (Podu Tele Drama Theme Song)

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
තරින්ද කසුන්tharindha kasun

Lyrics

එක හීන රෑක දෑත දෑත යා වෙලා
හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා

(ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ...//)

කොපුල් සිඹින යාමයේ
පබළු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න
අත්තටු හොයන්නෙපා
හැඟුම් සුවඳ මාරුතේ
පොකුරු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
ඇස්වහ වදින්නෙපා

පුරුදුත් වගේ දැනෙනවා
පෙර භවේ හමුවෙලා
හුස්මක් පවා වටිනවා
අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ

ඔය ඇස් කතා කරනවා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.