ඔසරි පොටින් අදින්නෙපා වළාකුළයි ඉරෙන්නේosari potin adhinnepaa walaakulayi irennee

Osari Potin Adinnaepa

Lyrics

ඔසරි පොටින් අදින්නෙපා වළාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕළු විලට පනින්නේ

පෙතන් කැලේ වළි කුකුළෝ මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

පට සළුපිළි කසී රටේ වෙලපෙති දිගේ වඩිනවා
මාල වළලු අපට ගෙනා තරු අතර දිලෙනවා
ගමේ කමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.