ඔරුව මගේ තොටුපල නුඹගේ අවසර දීපන්නේoruwa magee thotupala numbagee awasara dhiipannee

Oruwa Mage Thotupala Nubage Awasara Deepanne

Lyrics

ඔරුව මගේ තොටුපල නුඹගේ .... අවසර දීපන්නේ
නුඹේ අවසරේ ලැබු සැනින් තොටුපලේ නුඹේ
මමයි මගේ ඔරුවයි නවතින්නේ

සීතල දිය රැලි සෙනෙහස කැන්දන්
තොටුපලට ලගාවී .... නුඹට හොරෙන්
දොඩනා මැසිවිලි නෑසුනා වගේ
නුඹ කාටද මුමුණන්නේ .... කාටද මුමුණන්නේ

රුවල් බිඳී තනිවූ දින ඔරුවේ
ඔබ සිතට මුවාවී .... ඉකි බිඳිමින් 
හසරක් නොපෙනෙන මේ රුදු දියඹේ
කොතැනද නවතින්නේ .... කොතැනද නවතින්නේ

ඔරුව මගේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.