ඔංචිලි චිලි චිල්ල මලේonchili chili chilla malee

Onchili chili chilla male

Lyrics

ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ  නෙල්ලි කැලෑවේ
වැල්ල දිගේ එන්න මලේ  නෙල්ලි කැලෑවේ

පේර දොඩම් පැණි රඹුටන් හිඹුටු ඉදෙන්නේ
ලේන ගිරව් රිලා පැටව් ඒව සොයන්නේ
කුරුළු කොබෙයි කිචි බිචි ගා මුකුළු කරන්නේ
සුරංගනා ලෝකෙද මේ පුංචි ළමයිනේ

ඈත එහා මුහුදේ ඔරු පාරු ඇදෙන්නේ
වැල්ල පුරා රැල්ල ගලා පෙල්ලු දිළෙන්නේ
මාළු පැටව් කැරළි ගැසී පෙරළි කරන්නේ
වෙරළෙ තමයි පුංචි ළමයි ගෙවල් තනන්නේ

වනන්තරේ අනන්ත වූ මල් පිබිදෙන්නේ
හෙමින් සැරේ සුරංගනාවන් මෙහි එන්නේ
මල් සිඹලා සුවඳ උලා පාට දමන්නේ
මොකද අනේ ඔවුන් අපට හාදු නොදන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.