ඕනකම් එපා වනතුරුoonakam epaa wanathuru

Onakam Epa Wanathuru

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
රේරූreeruu

Lyrics

ඕනකම් එපා වනතුරු ආදරේ කලා 
කාලයක් ගිහින් මා ගැන අමතකත් කලා
මතකයන් දිගේ ඉඳහිට මා මතක් කලත් 
ආදරේ හඹා ගිය අපි අද දුරස් වෙලා 
ආදරේ හඹා ගිය අපි අද දුරස් වෙලා

නුඹට ගත්ත මුදුව මාගේ අතේ තනිවෙලා 
නුඹව අහිමි මේ හද ගැන මොනවදෝ කතා  
ඉකි බිඳින්න බැරිම හින්දා මා හිනාවුනා 
හිනාවෙන්න එපා මා හා කඳුළු එයි ගලා 
හිතුවා වාගේ පැතූ වාගේ කොහෙදෝ ලොවක් 

ඕනකම් එපා වනතුරු....

ඔහොම මවපු හීන ලෝකේ නුඹට ගැලපුනා 
නුඹ මවාපු මාගේ ලෝකේ දමා වෙන්වුනා 
බලා ඉන්න බැරිම හින්දත් මගේ නෙත ගියත් 
නුඹ බලන්න එපා මා දෙස ජිවිතේටවත් 
හිතුවා වාගේ පැතූ වාගේ කොහෙදෝ ලොවක්

ඕනකම් එපා වනතුරු....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.