ඔලුව විකාරයිoluwa wikaarayi

Oluwa Wikarai

Music:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha
Lyrics:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha

Lyrics

හිතාගන්න බෑ පටන්ගන්න හැටි
නටාගන්න කිව්වට යටි හිතෙන් 
ඉන්නෙ පස්සෙ ගහන් නැටි 
මං පණ වගේ බලාගත්ත පැටි
කළා අවසන් ජවනිකාව 
මචං හැබැයි මමයි කිරි කැටි
ලොකු ලොකු පට්ටන්දර 
දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක 
මට්ටම් කරගන්නට වට්ටම් නැති 
ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී
මේවා කියා දෙන්නෙ නෑනෙ මල්ලි රූපවාහිනි
හලපු පැණි මං කාපු කටු කවුරුත් නොදනී දැන් 
ගොතන් එරමිණිය මගෙ මිනිය කයි කුරුමිණි 
නිමාවුනි මොහොතකින් ආලවදන් 
බොරු බැනුම් කෝටියක කුණාටුවකට පෙරලුණි
සැලී වැහි පබලු තව නැ කදුලු 
වැල මදුලු පිටින් කන්න පැන්නා වන වදුලු 
උදලු මන්න අරං ගියේ නෑ ගන්න පළි 
දැන් අරූ නගිනවා ඒකිගෙ සදලුතලේ
අවුලක් නෑ හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග 
හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන 
රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න
එකට ගෙදර දෙකට මිතුරො තුනට ගෑණු තියලා 
ආතල් එකේ ඉඳපන් නැත්නම් මේකත් අහගන්න
ඒකිට මගෙ හදවත අම්බලම
දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම
ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං 
මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.