ඕලු නෙළුම් නෙරිය රඟාලාoolu nelum neriya rangaalaa

Olu Nelum Neriya

Lyrics

ඕලු නෙළුම් නෙරිය රඟාලා 
කිංකිනි හඬන වළා නගාලා//
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ 
මගේ කුඩා ඔරුව හබල් ගා 
යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ//

කිරලා කිරළි කිරළි කූඩුවේ ලගී 
කුරුලු පන්ති නාද දී නංගී//
නැඹුරු වී බලා කුඩා සුදු වලා 
ඔබේ රුවට වශී වෙලානේ
යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ//

කබරගොයා උගේ සුරතලී 
සොයා ඇදේ නගා දිය සුලි//
කොකුන් කිරි වගේ නැගෙයි වෙල දිගේ 
ඔබත් කොකුන් රැළ ක හැඩයි නේ
යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ 
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.