ඕ රයිරේ ඔයිරාමා (අම්බරුවෝ)oo rayiree oyiraamaa (ambaruwoo)

Oirare Oirama (Ambaruwo)

Lyrics

ඕ රයිරේ ඔයිරාමා......
කොළ මැඩපාන් ඕ රාමා...

උදයට පායන හිරු දෙවියෝ ‌ඕ රයිරේ ඔයිරාමා
සවසට පායන සඳ දෙවියෝ ඕ රයිරේ ඔයිරාමා
හැමදා අප නගනා කමතේ අඬ හැරයේ
නාදෙන් රාලේ මඬවා දෙනු සොඳිනේ.....

පාවර මැන්නේ බැත පාහින්නේ 
හුලන් කරන්නේ වී කොටවන්නේ
සැදුනා බත බුලතින් සැදුනා 
පිරුණා  අටු කොටු පිරුණා
ඇසුණා ට්‍රැක්ටර් හඬ ඇසුණා 
නිදියාගත්තද අම්බරුවෝ.....

ඕ රයිරේ ඔයිරාමා......
කොළ මැඩපාන් ඕ රාමා...

නැකතට පායන බැත කොහිදෝ
කමතට අඬහැර වී නැතිදෝ
කිමදෝ කවි ගයනා සිරිබර කොළ මැඩුනේ
රාවේ වියැකී කළු දුම් තොටු නැගුනේ....

ඕ රයිරේ ඔයිරාමා......
කොළ මැඩපාන් ඕ රාමා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.