Lyrics
ඔහු අයිති මටයි ඇයට නොවෙයි
අප ළංකළේ දෙවියනි ඔබමයි
ඔහු වසඟ වුණේ මිරිඟුවටයි
දෙවියනි මා හිමි නෙතු වැසුවේ ඇයි
ඔහු අයිති මටයි ඇයට නොවෙයි
සෙනෙහස ගැඹුරුයි පරතෙර නොපෙනෙයි
පණනල විලසින් දිවි සවි රැක දෙයි
ගිලිමුණු සෙනෙහස සිත උමතු කරයි
ගත සම් මස් ලේ විනිවද දුක දෙයි
ඔහු අයිති මටයි ඇයට නොවෙයි
අසරණයි මමයි මගෙ ලොවම ඔහුයි
ඔහු පාමුල මා පැතු තුසිතයයි //
මේ විරහා දුකින් මා දිවි නොරැදෙයි
දෙවියනි ඔබ අප වෙන් කෙරුවේ ඇයි
ඔහු අයිති මටයි .....