ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේochcharatama aadharayak kohedha thiyennee

Ochcharatama Adarayak Koheda Tiyenne

Lyrics

ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ
හිතාගන්න බෑ මට නම් පින්බර ළඳු‍නේ
මටවත් ඔය විලසට නම් හිතන්න බැහැ‍නේ
ඔය තරමට හදවත මුදු කවුරුද ‍කෙරු‍වේ //

හිත රි‍දෙන්න කිසිවක් නෑ ඔබ‍ගෙන් ‍‍වෙන්නේ
කියන වදන් කරන සැ‍‍වොම මටම තමයිනේ //
ම‍ගේ සතුට ඔ‍බේ සතුට ‍ලෙසයි හිතන්නේ
ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ

ඔච්චරටම ආදරයක් ....

පුංචි එවුන් ඇස් ‍දෙක ව‍‍ගෙ තමයි බලන්නේ
හිරු‍ගෙ සඳු‍ගෙ කාලය නෑ ‍වෙනසක් දැනු‍නේ //
පැමි‍ණෙන දුක සැප විඳගෙන ළඟම හිඳින්නේ
ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ 

ඔච්චරටම ආදරයක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.