ඔබෙන් එක මොහොතක් මට දෙන්නoben eka mohothak mata dhenna

Oben Eka Mohothak Mata Denna

Lyrics

ආදරේ පිනි පොද වැස්සේ //

ආදරේ පිනි පොද වැස්සේ
පෙම්වතුන්ගේ රිද්මයට ආදරයේ පියවර තියන්නට
ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න
සිහිල් සුලං රැල් මට විඳින්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න

හිතේ පුරා ඔබව දකින්න
හිතේ පුරා ඔබව විඳින්න
නිදන තුරා ඔබව නලවන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න

ආදරේ කුලුඳුල් රාත්‍රියේ
සුළඟට මුසු කල හාදු දෙතොල් සිහිවටනය කරගන්න
රිද්මයට ජීවිතයට පණ පොවන්න
ලයට තුරුලු කරගෙන ආදරේ කොදුරන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න
ඔබෙන් එක මොහොතක් මට දෙන්න

වියැලී යන සුළඟෙන් ඔබේ සුවඳ විඳින්නට
ගිනි මද්දහනේ තනි මට හති අරින්න ඉඩ දෙන්න
ඔබ සැඟවුනු සිහිනේ ඔබ දකින්නවත් දෙන්න
ආදරයේ අවසන් හුස්මවත් විඳින්න දෙන්න
ආදරයේ අවසන් හුස්මවත් විඳින්න දෙන්න

ආදරේ පිනි පොද වැස්සේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.