Lyrics
ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින්
මා හඩවා රිදවා ගියදා
සෙනෙහේ නොහදුනනා හින්දා //
ඈත වසන්තේ මල් මීදුන්නේ
මෑත වාලුකා නියං තලාවේ
කතරේ තනිවී හැඟුමන් තෙරපී //
මා ගෙවනා රුදු සංසාරේ
ඔබෙ සුමුදු අතින් ....
භවෙන් භවේ අප පෙරුම් පුරා විත්
මේ භවයේදී දෙතැනක තනිවී
මතු සසරක් ගැන පෙරුම් පුරන්නට //
හමුවේවිද මේ සංසාරේ
ඔබෙ සුමුදු අතින් ....